ඔන්න ඉතින් එහෙනම් හා හා පුරා කියලා එකෝමත් එක කතාවක් පටන් ගත්තා. හැබැයි ඉතින් මේකත් අර ලස්සනම ලස්සන කුමාරි බලන්න රාස්සිගේ බෙල්ල කපල අස්ස ගුඩුං ආපු කුමාරයාගේ කතාව නම් නෙවෙයි ඕං.මෙලෝ රහක් නැතුව ලබ් ඩබ් කියල ගැහෙන අපේම හදවත්වල රිද්මය හෙයාගෙන යන, කළු සුදු හිත්වල අළු පාට හොයන ඔයාගෙයි මගෙයි කතාව.
කවිපද හතරක හිරකරන්න බැරි කොයිතරම් හීන කන්දක් අපි හැමදාම පාට කරනවද, උදේ පාන්දර වලාකුළු අතරින් රත්තරන් පාටට කවුළුවක් ඇරියා වගේ ඉර එළිය වැටෙද්දී අපි අතර කී දෙනෙක් නම් ලස්සනම ලස්සන අශ්ව කරත්තයක නැගුණ ලස්සන කුමාරිකාවක් කුමාරයෙක් එතනින් ඒවි කියල තවමත් බලාගෙන ඉන්නවද (එනවටම නෙවෙයි ඉතින්) අවුරුද්දට කොහා එක්ක අපි කී දෙනෙක් නම් තවමත් තරගෙට කුහූ කියනවද..... හ්ම්ම් .... ඉන්ජෙක් වෙච්ච ඉවාන් අයියට මාතා අයියට කවදාවත් හිතිලම නැද්ද කඳු දෙකේ දෙපැත්තට ගිහින් දේදුන්නේ කොන හොයන්න... අපි හිනා වුණත් ඒත් මේ අපි අපිම නේද? මේ සම්මුති සමාජය ඉරි ගහල කොටු කරපු අපේ ජීවිතවල මොන තරම් නම් හැඩතල තියෙනවද. වෙලාවකට අපි අපිවම හොයනව.
යාළුවනේ එකෝමත් එක පණගහන්නේ ඔයයි මායි ජීවත් වෙන මේ පොළව උඩ ගෙන්දගම් රස්නෙට කරවෙලා ගිය මිනිසුන්ගේ සුවඳ හොයන්න එයාලගේ කළුසුදු හීනවලට පාට කවල නිදහසේ ඉගිල්ලවන්න. එහෙනම් ඉතින් ඔන්න වර්ණ කුලකයේ වර්ණයි, මිත්ර වර්ණයි (සබරේ ඇනෝ) බලාගෙන ඉන්නවා එකෝමත් එක... කතාවක් කියද්දී හූ මිටි තියන්න, ලුණු ඇඹුල් එකතු කරන්න සයිබරයේ යාළුවෝ ටික නැගම් එනකන්...
ප.ලි. තරහ ගන්ට එපෝ අනිත් යාළුවන්ගේ ජොබ් එක හොයාගන්ට බැරි උනෝ...
ලිව්වේ - මිත්රවර්ණ (සබරෙ ඇනෝ)

ජය වේවා මචෝ අලුත් වැඩේට , බලන් ඉන්නවා කියවන්න එකෙන්ම :)
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ගබා
Deleteජයවේවා!
අනිවා අපි එනවා පදිංචි වෙන්න. ඊට පස්සෙ ඉතින් මේකත් අපෙ වගේ තමයි. සුබ පැතුම්...
ReplyDeleteපිළිගන්නවා කැමෝ
Deleteජයවේවා!
හා හා පටං ගමු බලන්න එහෙනං.
ReplyDeleteපිළිගන්නවා ආදරෙයෙන්
Deleteජයවේවා!
ජයෙන් ජය ඔන්න ගොඩ වැදුණා
ReplyDeleteජයවේ නලීන්
Deleteමෙන්න ආවා. ලියහං ලියහං. ඕනෙතරමක් ලියල මේකට දාහං. අපි කියවලා ඔලුවට දාගෙන, කොමෙන්ට් කරලා, බැනලා, හිනාවෙලා, අඬලා ආයෙත් අලුත් කතාවක් දාපුගමන් එන්නම්.
ReplyDeleteජයවේ සබරෙ, වර්න.
ජයවේ කසුන්!
Deleteඔන්න අපි ගොඩ බැස්සා එකොමත් එක කාලෙක කතා අහන්න.
ReplyDeleteසාදරෙන් පිළිගන්නවා
Deleteජයවේ මනෝ!
ජය වේවා.. ඔන්න මාත් ඔළුව දැම්මා..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා
Deleteජයවේවා දිනේශ්!
ආව ඕං
ReplyDeleteදැං ඉතිං ලියන්න
ජයවේවා
සාදරයෙන් පිළිගන්නවා
Deleteජයවේ මහේෂ්!
ගොහිං බලමු සින්ඩිය පැත්තට... අපි දීලා තියෙන්නේ පබ්ලිසිටියක් හිටු කියලා... ජයවේවා.. ගමනට සුභ පැතුම්..
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා
Deleteනැවතත් ස්තූතියි
ජයවේවා ගී පවුර!
සුභ පැතුම් !!
ReplyDeleteකුරුටු සින්ඩියෙන් පාර හොයා ගත්තේ
Deleteජයවේවා ඉයන්
Deleteසාදරයෙන් පිළිගන්නවා!
හැක්... ඕන්න අපිත් ඔළුගෙඩිය දාල යන්න ආව.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ප්රසන්න
Deleteවර්ණ කුලකය පැත්තෙත් එන්න
ජයවේවා!
එකෝමත් එකයි වර්ණ කුලකයයි ටැපලෙනවා දැන්.. උඹේ මිත්රාවියට කියහන් මේකේ උත්තර බඳින්න කියල..
ReplyDeleteදිගටම ලියන්න සවිය දිරිය හා කාලය ලැබෙන්නේ කියලා ඉත සිතින් සුභ පැතුම්!.
සාදරයෙන් පිළිගන්නවා
Deleteකුලකය පැත්තෙත් වරෙන් කමියෝ
පැමිණීම සතුටක්
ජයවේවා!
සුබ පැතුම්.....! අපි එනෝ දිගටම හොදේ...............
ReplyDeleteසාදරෙයන් පිළිගන්නවා ආර්යන්
Deleteජයවේවා!
අද ආවෙ මෙ පැත්තට.සුපිරි වැඩක් ලස්සනයි.ආයෙත් එන්නමි.වෙලාවක් තිබනොත් ඇවිත් යන්න එන්න ඒ පැත්තට
ReplyDeletehttp://aseniwesi.blogspot.com
ජයවේවා!
Delete