ඒයි ටික්කා...
මොකද?...
යමුද රබර් ඇට අහුලන්ට
මට බෑ ඊයේ උඹ වලි දාලා උඹලෑ අම්මා
අපේ මහප්පාට කේලම් කියලා මට ගැස්සෙවුවා
ටික්කාගේ අත නොදැනීම කනට ගියේ අත
ගැටෙත්ම පෙරදා දැනුණු වේදනාව නැවතත්
මුහුණ පුරා යවමිනි. ඊයේ විජිත සමග අඹ කඩන්නට ගොස් දා ගත් රණ්ඩුව අවසන් වූයේ විජිතගේ මව ලොකු අප්පච්චීට කේලම් කීමෙන් තමා හොඳටම
ගුටි කෑමෙන්ය. ලොකු අම්මා නොහිටින්නට ඊයේ නම් කණ හිල්වෙන්නට තිබුණි. ලොකු අප්පච්චී
ගල් කැටයක් තබා කන් පෙත්ත සිර කරන විට ටික්කා මොර දුන්නේ මැරුණ අම්මා වළෙන්
ගෙන්නන්නට මෙනි. මේ කලබැගෑනියට කොහේදෝ සිට දුව ආ ලොකු අම්මා,
මේකව මරාගෙන කන්නට හදනවාදැයි.. දැයි
කියමින් ටික්කා අතින් ඇදගෙන ගෙට නොයන්නට ටික්කාට කන්පෙත්ත නම් ඉතුරු නොවන්නට තිබුණි.
ටික්කෝ මොකෝ කියන්නේ යමුද.....
විජිතගේ හඬ නොයිවසිලිමත්ය.
උඹ එක්ක මක්කවත් කොළහැකැ පොඩ්ඩ බැරි වුණ
ගමන් ගෑනි වගේ අඬනව නෙව.... ටික්කාද කීවේ මදක් නොරිස්සුම් සහගතවය.
නෑ සත්තකයි මං ආයි අම්මට කියන්නෑ...
විජිත කිව්වේ දකුණු අතේ අල්ල ටික්කාට පාමිනි.
උඹ අඬන්නේ නැද්ද.... ටික්කා යළිත්
විජිත දෙස බැලුවේ සැකයෙනි.
නෑ බං ටික්කො එහෙනම් යමුද...
හ්ම් එහෙනම් යමං
ටික්කාද විජිත සමග පාලං ගැට්ට උඩින්
නැගිට පාර දිගේ යන්නට විය... පෙනුමට මොවුන් දෙදෙනාම අවුරුදු දහයක් වත් නැති පැටවු
දෙදෙනෙකි..
විජියෝ... කොයි පැත්තටද යන්නෙ.. අපේ
ගෙවල් පැත්තෙන් උඩහට යමුද...
හ්ම්ම් යමං...
විජිත සමග රබර් යායට ඇදී ගිය ටික්කා
නෙත්තියෙන් නෙත්තියට ගහෙන් ගහට පනිමින් රබර් ඇට අහුලන්නට විය. රබර් ඇට වැටෙන කාලයට
වත්තේ හැම එකාම කරන්නේ රබර් ඇට අහුලන එකය. රබර් ඇට කිලෝ එකට රුපියල් දෙකක් පමණ
ලැබෙනවාය. වත්තෙන් තහනම් කොට තිබුණත් ඔය අතරෙ රහසින්ම ඔට්ටපාලු ගැලවීමත් ජයටම
සිදුවිය. හැබැයි ඉතින් මුරකාරයාට මාට්ටු වුණු දවසට නම් මාසෙකම ඇරියස් ගෙවන්නට
වෙනවාය.
විජියෝ... උඩහ නෙත්තියේ සිටි
ටික්කා පහළ බලමින් කෑ ගැසීය.
මොකෝ... විජිතද නමාගෙන සිටි කොන්ද
දිග හරිමින් රබර් ඇට මල්ලත් රැගෙන කෙලින් විය.
රූං පෙත්තකට පියනක් හම්බ වුණොත් ඇහිද
ගනින් හොඳේ.
ඒ මොකටද බං...
අපේ ලොකු අම්මගේ නංගිට රූං පෙත්තක් ඉල්ලුවා බං..
හිහ්..... හිහ්..... හී.... විජිතගේ
සිනාහඩ පාළු වත්ත දෙවනත් කරමින් ඇහෙන්නට විය
ඇයි යකෝ බෙරිහන් දෙන්නේ... මද්දහනේ
යක්කු ගෙන්නන්නද.. ටික්කාද තරහින් කෑ ගැසීය.
ඈ... බං උඹට තාම රූං පෙත්තෙන්
සෙල්ලම් කරන පුංචිලත් ඉන්නවද..
අනේ පලයන් යන්න මෝඩ විජියා... උඹට
එකක් හම්බ වුණොත් තියාගනින් කියමින් ටික්කා යළිත් රබර් ඇට අහුලන්නට විය.
ටික්කා ලොකු අම්මාගේ නංගීයි කිවුවේ
ලොකු අම්මාගේ පුංචි දියණියටය. පැයක් හමාරක් රබර් ඇට ඇහිදීමෙන් පසු විජියා ගලක් උඩට
වී වාඩී වී සිටියේය. පසෙකින් රබර් ඇට පුරවාපු බෑගය විය. කන්දේ අනිත් පසට ගිය ටික්කා පෙනෙන්නටවත්
නොවීය.
ටික්කෝ.....
ඕ... සැණෙකින් හඬත් සමගම ටික්කාගේ
විඩාබර මුහුණ කන්ද මුදුනින් මතු විය.
යමුද....
විජිය අහුලල ඉවරද...
ඔවු බං මට මේ ඇති...
හ්ම්ම් එහෙනම් හිටිං මාත් එනකන්...
ටික්කා සීරුවෙන් පල්ලම් බැස්සේ රබර් ඇට බෑගය ඉහිරෙතැයි බියෙනි. සෙමෙන් පල්ලම් බැස
රබර් ඇට බෑගය ගලට හේත්තු කොට ටික්කාද විජිත් ළඟින්ම ඉඳගත්තේය.
විජියෝ..
මොකෝ...
අද හවස රබර් ඇට කඩේට දෙමුද? ගෙදරත්
එකතු කරපුව ගොඩක් තියෙයි බං.
හොඳා යමං... ඒක නෙමේ වැඩක් වැඩක්
කරමුද?... විජිත්ගේ
මුහුණට කෛරාටික බවක් එකතු වීය.
මොකක්ද..
ඒයි... අපි ඔට්ටපාලු ටිකකුත්
ගලවමුද..
පිස්සුද බං.. මුරකාරයා දැක්කොත් උඹයි
මායි දෙන්නම ගෙනියයි. දැන් ඕව කරන්ට බෑ විජියෝ උඹත් ගෙදර ගිහින් රබර් ඇට ටික අරන්
වරෙන් බුට්ටා සීයගේ කඩේට. දැනටමත් හොඳටම හවස් වෙලා කියමින් ගලෙන් පහලට රූටා ආ ටික්කා විජිත්ද සමඟ
කැලයෙන් එළියට ආවේය.
ගෙවල් අසලට පැමිණි ටික්කා විජිත්ට
කතා කළේය. විජියෝ ඇට ටික අරන් වරෙන් මාත් මෙතනට එන්නම්.
හා එහෙනම් මම යනෝ....විජිත්ද එක පිම්මට
රබර් ඇට මල්ලත් රැගෙන දිවීය.
රබර් ඇට රැගෙන ගෙමිදුලට ගිය ටික්කා
මල්ල මිදුලෙන් තබා ගේ පිළිකන්න පැත්තෙන්ම දර මඩුව ළඟට ගියේය. ටික්කා රබර් ඇට තැබුවේ
මෙහිය. පොඩි පොඩි මලුවල තිබූ රබර් ඇට සියල්ලම එකම මල්ලකට දමා ගත් ටික්කා එයත්
රැගෙන ඉදිරිපස මිදුලට ගියේය. ටික්කාගේ රබර් ඇට සද්දය ඇසී ලොකු අම්මාද මිදුලට ආවාය.
දොරකඩට ආ ලොකු අම්මා ටික්කා දෙස බලා සිටියාය. ටික්කා සීරුවට රබර් ඇට එක මල්ලකට
හැලුවේය.
ටික්කෝ .... පුතේ උඹ රබර් ඇට අහුලන්ට
ගියැයි..
ඔවු ලොක්කම්මේ මම මේ ටික අද කඩේට
දීලා එන්නම්.. ලොක්කම්මට මොනවත් ගේන්ට ඕනිද?...
බේබදු තාත්තගෙන් ගලවාගෙන අම්මා මළ දා
පටන් ටික්කා හැදුවේ ලොකුඅම්මාය. අගහිඟකම් මිසක් ලොකු අම්මා තමාගේ දරුවෙකුට වගේම
ටික්කාට ආදරේ කළාය.
නංගී ආ... ටික්කා රූං පෙත්ත නංගීට
දුන්නාය..
තික්කයියා කූං පෙත්තක් ගෙනල්ලා
කියමින් පොඩි නංගීද රූං පෙත්ත ඇඟිලි අතර රුවාගෙන කටින් පිඹින්නට විය.
ලොක්කම්මේ මං කඩේට ගිහින් එන්නං...
ටික්කෝ රෑ වෙන්න කලින් වරෙන් පුතේ
.... රබර් ඇට මල්ලත් අරං ඇදී යන ටික්කා දෙස බලා සිටි ලොක්කම්මා කීවාය.
......................
උඹ රබර් ඇට මැවුවද යකෝ?....
නෑ බං ටිකක් වෙලා ගියා.... හා යමං
කියමින් ටික්කාද විජියා සමග එකට වැටී කඩේ දෙසට ගියේය.
.........................
සීයේ.....පාර කෙළවර කඩේට පැමිණි
කොල්ලන් දෙදෙනා කෑ ගසන්නට විය..
මොකද බොලවු බෙරිහන් දෙන්නේ ....
කියමින් සීයා ඇතුළු කාමරයක සිට ආවේය. පුවක් ගෙඩියක් තරම් කොණ්ඩයක් බැඳ ඇති මුහුණ
පුරා සුදු පාට රැවුලක් වවාගත් බුට්ටා සීයා කණ්ණාඩි කුට්ටම දැම්මාට බලන්නේ ඊට
උඩිනි. කොල්ලන් නම් කියන්නේ සීයා නහයේ අමාරුවකට කණ්ණාඩි දමනවා කියාය.
සීයේ රබර් ඇට.... විජිත් එක්වරම
මල්ලත් රැගෙන සීයා ළඟට ගියේය. ඇට මලු දෙස කණ්ණානාඩිය උඩින් බැලූ සීයා,
හා.... හා... වරෙවු කොල්ලනේ කියමින්
කඩය තුළට ගියේය. රබර් ඇට මලුත් රැගෙන කොල්ලන් දෙදෙනාද සීයා පසුපස ඇදුණේය. රබර් ඇට
කිරා බැලූ සීයා ටික්කාට රුපියල් දොළහකුත් විජිත්ට රුපියල් දාහතරකුත් දුන්නේය..
සල්ලි මිට මොලවාගත් ටික්කා දෙස බැලූ
විජිත් ඇස් කොනින් ඉඟි මැරීය. ටික්කා වටපිට බැලුවේ මොනවා මිලදී ගන්නදැයි සිතමිනි.
ඊයේ ගණන් පොත ඉවර වී පන්තියේදි ගණන් සෑදුවේ සුරංගයාගෙන් කොළ ඩබලක් ඉල්ලා ගෙනය...
කොලය කඩද්දි සුරංගයාද කන්කෙදිරි ගෑවේ අම්මාගෙන් ගුටි කන්නට වෙන නිසාය.. කොල්ලන් කොළ
කඩනවාට අම්මලා පොත් දෙන්නේ පිටුවල අංක දමාය.... නැතිනම් පොත්වල අන්තිමට ඉතුරු වන්නේ
පිට කවර පමණක්ය.
කොටු රූල් පොතකට ගණන් බලා ඉතිරිය බැලූ
ටික්කාට පාන් පිටි කිලෝ එකක් අරන් යන්නට සිතා සිටි නමුත් ඉතිරි වූයේ පිටි පන්සීයක්
ගැනීමට මුදල් පමණි. පිටි පන්සීයකුත් සීනි කෑම දෙකක් වෙනුවට හුලං විස්කෝතු දෙකකුත්
මිලට ගත්තේ පුංචි නංගී කිරි පිටි ඉවර වූ විට තේවල පොගවා කන්නේ හුලං විස්කෝතු
නිසාය. විස්කෝතුවද කරදාසියක ඔතා පාන් පිටි මල්ලටම දමා ගත්තේ ගෙදර ගොහින්ම කෑල්ලක්
කනවා කියා හිතාගෙනය.
බිං කරුවල වැටීගෙන එනවිට කඩයෙන් එළියට පැනගත් කොල්ලන් දෙදෙනා හනි හනික ගෙවල්වලට යන්නට පිටත්
වූහ.
විජිත් නම් සීනි කෑම දෙක තුනක්ම
රැගෙන තිබුණි..
ටික්කෝ ආ.... පාරට පැමිණි පසු සීනි
කෑම එකක් කඩා විජිත් ඉන් කෑල්ලක් ටික්කාට පෑවේය...
ටික්කාද... එය ගෙන කටේ දමාගත්තේ....
බිං කරුවලත් සමඟ පෙනෙන නොපෙනෙන විජිත් දෙස බලමින්ය..
මොනවා කළත් විජිත් ටික්කාගේ
මිතුරාය.....
ලිව්වේ - මිත්රවර්ණ (සබරෙ ඇනෝ)
ලිව්වේ - මිත්රවර්ණ (සබරෙ ඇනෝ)
අගෙයි සබරේ...... අපිට හැකි මට්ටමින් සහයෝගය දුන්නා....
ReplyDeletehttp://kurutugegeepawra1.blogspot.com/
සින්ඩියට පැත්තට ගිහින් බලව්....
දැක්කා කුරුට්ටෝ.... අැත්තටම ගොඩක් ස්තූතියි කුරුට්ටා......
Deleteකුරුට්ටා ඇත්තටම ගොඩක් හෙද හදවතක් තියෙන යාළුවෙක්....මුල ඉදන්ම අළුත් උන් එක්ක ඉදලා උන්ට ෆ්ුල් හෙල්ප් එක දෙනවා.
ආයිමත් තැන්කු කුරුට්ටෝ
ස්තූතියි කුරුටු ගෑ ගී පවුර
Deleteබොහොමත්ම ස්තූතියි
ජයවේවා!
නියමයි සබරෙ.
ReplyDeleteදැන් ඉන්න කොල්ලන්ට කොහෙද ඔහොම නිදහසක්.
ඒක ඇත්ත ප්රසන්න අයියේ .... මාත් මේ එහෙන් මෙහෙන් අහගෙන ඉදපුවා තමා ලීවේ ආසාවට... මෙහෙම ජීවිතයක් මාත් විදලා නෑ අයියේ.....
Deleteලස්සනයි....... ඉතාම තාත්විකයි........... නියමයි...........
ReplyDeleteතැන්කු යාළුවේ
Deleteරබර් යායක තනිි වුණා වගේ දැනුණා.... ඔහොම යමු ටිකක් මතුපිටින් වගේ දැනෙනවා. ඒකට කමක් නෑ. මේ පළමු උත්සාහයනේ.
ReplyDeleteඅනේ ඔවු නලීන් අයියේ හා හා පුරා කියලා ලියපු පලවෙනි කෙටිකතාව..... අනේකවත් වැරදි ඇති දිගටම මේ පැත්තේ ඇවිත් වැරදි හොයල දීලා හරියට මක්කවත් ලියා ගන්න උදවු කරන්න
Deleteවර්ණ මගේ යාළුවේ...... ස්තුතියි කියන්න වචන නෑ සහෝදරයා.....
ReplyDeleteමං වෙනුවෙන්.... නොදන්න යාළුවෙක් වෙනුවෙන්.........මේ සහෝදර හිත ගොඩක් වටිනවා...
කතාව නම් කදිමයි මිත්ර. මගෙ කතා දැම්මාම තමා හොඳ හොඳ කතා අහන්න වෙන්නෙ. අනේ මන්දා..
Deleteජයවේවා සබරේ....
නෑ නෑ වර්ණ ලියන්න..... ඔයාට ලස්සනට ලියන්න ඇහැකි
Deleteවර්න,
Deleteලියහං බොගෙ කතාවත්. දෙන්නම් ආයෙ නොලියන්නම. හැක හැක හැක.
සබරෙ. එල එල. මට මේ දැන් රබර් ගෙඩි පුපුරනවා ඇහෙනවා වගේ.
ඔය පේනවනේ...
Deleteජයවේවා කස්!
//ඈ... බං උඹට තාම රූං පෙත්තෙන් සෙල්ලම් කරන පුංචිලත් ඉන්නවද..//
ReplyDelete//කොල්ලන් නම් කියන්නේ සීයා නහයේ අමාරුවකට කණ්ණාඩි දමනවා කියාය// මේවා අවස්ථානෝචිතව හරි ලස්සනට යොදා ගෙන තියෙනවා.. හැදෙන්න තැනුත් බොහොමයි.. විශේෂයෙන්ම කෙටි කතාවකදී තමන්ගේ ප්ලොට් එක ප්රසන්ට් කරන ආකෘතිය, එහි මුල මැද හා අග ගැන ලියන්න කලින් කල්පනා කරන්න. දිග කතාවක් වගේ ගිහින් එකපාර ඉවර උනාම එක රසයට බාධාවක්. පොඩි අදහසක් විතරයි. මුල්ම කෙටි කතාව කියුව නේද? එහෙම බැලුවම බොහොම අගෙයි..
තැන්කු කමියයියේ හැමදාම එන්ටෝ........
Deleteඔයාගේ අදහස් ගොඩක් වටිනව අයියේ...... මම හිතුවට හිතුව තරම් හොදට ලියාගන්න බැරි උනා අයියේ.. හුරුවක් නැතිකම වෙන්න ඇති......
එල ද බ්රා..
ReplyDeleteතැන්කු මෙන්ඩයියේ.....
Deleteමේ පැත්තට ආවමයි නේද.....
සාදරයෙන් පිළිගන්නවෝ
වෙල්කම් මෙන්ඩා
Deleteසරල ගැමි රසය! කතාව උඩින් සෙල්ලක්කාර වුනාට යටින් ඛෙදවාචකයකුත් සැඟවිලා. සබරේ, උඹේ හැකියාව කවි වලට සීමාකරගෙන හිතා හිටියාට සමාවෙයං මලයා.
ReplyDeleteඛෙදවාචකය දුප්පත් කම තමා අයියේ.... ඒත් ඒකෙත් පොඩි රසයක් තියෙයි....
Deleteමට මේ පෝස්ට් එක පුරාම පේන්නේ රබට් ඇට විතරයි...
ReplyDeleteතැන්කු මාතා අයියේ......මේ පැත්තේ ආවට
Deleteපුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න.......
වෙල්කම් මාතයියා!
Deleteමචං සබරේ එන්න පරක්කු වුනා.අවා ගමන් ටික් ගාලා ටික්කා බැලුවා.අනිත් ඒවත් බලන්න දිගටම එනවා නොවරදවාම.ජයෙන් ජය
ReplyDeleteමනෝ පරක්කු නැ මනෝ..... ටික දෙනෙක් ඉස්සර උනා විතරයි....
Deleteරබර් ඇට උස්සං කඩේ ගියේව රබර් ඇට එක්කාසු කොරලුව මැවිල පේනව
ReplyDeleteඒ කාලෙත් රබර් ඇට කිලෝවර් රුපියල් දෙකයි පණහයි දැං නං එක්කාසු කරන අයවත් එක්කාසු වෙන්නෙ වත් නෑ
ඉදල හිටල රබර් ඇට රූනො
අනං මනං හැදෙනව
ජයවේවා
ලිවුවට මාත් ඔය ජීවිතේ විදල නෑ මහේෂ් අයියේ.... කට්ටිය කියන ඒවා අහන් ඉදල ආසාවට ලිවුවේ.. ඒ කාලේ පාන් පිටි වල ගාන අහන්න ගිහින් මාර කට්ටක් කෑවේ පිටි කාපු එකෙකුටවත් ගාන මතක තිබුන්නෑ.....ඒ අතින් මහේෂ් අයිය හොදයි.
Deleteඕන්න මාත් එකෝමත් එක දවසක හැමෝටම කලියෙන් ඇවිත් ටික්කා ගැන හැල්මේ කියෙව්වා. කොමෙන්ටුවක් දාන්න හැදුවා හැදුවා, කොහේද අනේ නන්නාදුනන නාමවලින් එන අයව බිලොක් කරලා නේ. මං අදහස අත් ඇරියා.
ReplyDeleteදැන් ආයෙත් පාර ඇරලා කියලා පොඩි කට කතාවක් දැන ගන්ඩ ලැබුණ නිසා මේං ආවා මම ආයෙත්.
ඕං මාත් බොහොම කාලෙකට පස්සේ කෙටි කතාවක් කියෙව්වා. කෙටි කතාව ගැන විචාර කරන්න නම් මට ඒ හැටිම දක්ෂ කමක් නෑ. ඒ උනත් කතාව මගේ හිතට ඇල්ලුවා. අළුත් පරම්පරාවට රබර් කෑල්ල, ඔට්ටපාළු , රබර් ඇට ටිකක් හුරු පුරුදු නැති උනාට සබරෙ මේක බලන උඹයි මමයි අපේ අනිත් සම කාලීනයන්ට සමීප පරිසරයක්.
ඉතින් මම ඊ ළඟ සතියේ පත්තරේ කතන්දරේ බලන්න ඉන්නැහේ උඹේ ඊ ළඟ කතන්දරේ බලන්න බලන් ඉන්නවා. කපන්න කපන්න මුවහත අළුත් වෙන කිඹුලා උදැල්ල වගේ උඹේ පෑනත් ලියන්න ලියන්න තව තව මුවහත් වෙයි.
ජය
මම අඹයා
අනේ අඹයෝ ඔන්න ඒකට නම් රන්ඩු කරන්ට ඕනි වර්ණත් එක්ක හොදේ....
Deleteපරක්කු වෙලා ආවත් තැන්කු අඹයා...
@ අඹයා
Deleteඅනේ සමාවෙයන් අඹයෝ මම දැනන් හිටියෙ නෑ සබරේ කීවාම තමා ගිහින් සෙටින් හැදුවේ
සොරි හොඳේ..
ජයවේ අඹයා...
@ සබරේ
මාව වලිවලට පටලන්නද හදන්නේ
ජයවේ සබරේ!
This comment has been removed by the author.
ReplyDeleteනියමයි දිගටම ලියමු
ReplyDeleteතැන්කු බණ්ඩා
Deleteමේ පැත්තට අළුත් නේද
සාදරයෙන් පිළිගන්නවෝ
බණ්ඩාව සාදරයෙන් පිළිගන්නවා
Deleteජයවේවා!
මේක දිගට ලියන ගියානම් නවකතාවක් වෙනකම් ලියන්න පුළුවන් නේද.. පලවෙනි කොටසින්ම ලස්සන ගැමි සුන්දරත්වයක් තියන කතාවක්..
ReplyDeleteමේ පැත්තට ආවට තැන්කු යාළුවේ
Deleteආයෙක් ඇවිත් යන්න එන්න
අම්බලන්ගොඩ කතා සාදරයෙන් පිළිගන්නවා
Deleteදිගටම එන්න
ජයවේවා!